Bandusena Gunasekara

Bandusena Gunasekara

Showing all 4 results

Show:

කැලණි රජ කුමරිය

Highlights:

විහාරමහාදේවියගේ චරිත කතාව යොවුන් නවකතාවක් ලෙස මෙම කෘතිය ඔස්සේ දිගහැරෙයි. මුහුද ගොඩ ගළා මහත් විනාශයක් සිදුවන්නට යද්දී, නිර්භීතව මුහුදට බිලිවීමට ඉදිරිපත් වී, කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්ව, අවසානයේ සොලීන්ගෙන් රට ගළවා ගැනීමට යුද වදින ගැමුණු කුමරුගේ මව ද වන්නට තරම් වාසනා ගුණයක් හිමි නිර්භීත කාන්තාවක් ලෙස ඉතිහාසය තුළ ඇගේ නම සනිටුහන් වී තිබේ. අප රටේ අනාගත පරම්පරාවන්ට ඇගේ චරිතය මහත් ආදර්ශයකි.

පුංචි වීරයෝ

Highlights:

ඓතිහාසික ප්‍රවාද, ජනශ්‍රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. පරසතුරු පහරදීමක් නිසා සිය ගම් පළාත අතහැර අලුත් දිවියකට හුරු වන සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත කතාව මෙයින් නිරූපණය කෙරේ. අනාගත ලෝකයට පිය මනින දරු දැරියන්ගේ උසස් ආකල්ප, ජාතිමාමක හැඟීම් හා පෞරුෂය වර්ධනය වන ආකාරයෙන් සමස්ත කතාවම ගොඩ නගා තිබේ. දරුවන්ට උපතින් හිමි වන වීර වික්‍රමාන්විත අදහස් තව දුරටත් වර්ධනය කරවීම ද මෙම යොවුන් නවකතාවේ තවත් එක් අරමුණකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9e38abe0a6cb11e9b822ef98b10d0dbe” ]

රන් ටිකිරියි ගොළු කුමරියි

Highlights:

සාහිත්‍ය කෘති අතර නව මාවතක් ගත් යොවුන් නවකතාවකි. හුදෙක් යොවුන් පාඨකයන් ප්‍රිය කරන කුමක් හෝ කතාවක් ලියනවාට වඩා මෙහි කතුවරයා අපේ රටේ ඉතිහාසයෙන් ගත් කතා පුවතක් ඉතා රසාලංකාරයෙන් මේ තුළින් ඉකිරිපත් කරයි.

අකුරු හුරුව

Highlights:

සිංහල භාෂාව හදාරන දරුවන්ට සිංහල අක්ෂර මාලාව නිවැරදිව හුරුකිරීම මේ කෘතියෙන් සිදුකරයි. සිංහල අක්ෂර ලිවීම සඳහා දරුවන්ගේ අත හුරු කරවිමේ දී එය මනා අවබෝධයකින් කළ යුතු ය. සැබවින්ම එය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. දරුවන්ට මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන්ට ද මේ කෘතිය අතිශය වැදගත් ය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar