Anula De Silva

Anula De Silva

Showing all 18 results

Show:

කොරෝනා වාට්ටුව

Highlights:

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව කතුවරිය පෞද්ගලිකව ලත් අත්දැකීම් තුළින් නිර්මාණය කරන ලද කෙටි නවකතාවක් වන මෙය තුළ  සියලු කොරෝනා රෝගීන් කෙරෙහි සානුකම්පිතව සහ සංවේදීව බලන්නට මිනිසුන් යොමුකරවීමේ අපේක්ෂාවක් ගැබ් ව තිබේ.

බේරෙ ගෙදර සිට

Highlights:

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.

Out Of Stock

රැල්ල

Highlights:

the wave නමින් morton rhue විසින් ලියන ලද මුල් නවකතාව කැලිෆෝනියාවේ උසස් පෙළ ඉතිහාස පන්තියේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගන්නා ලද්දකි. එහි 1969 palo atlo පාසලේ ඉතිහාස ගුරුවරයා වූ ron jones උසස් පෙළ සිසුන්ට දෙවන ලෝක මහා සංග්‍රහය පිළිබද ඉගැන්වීමේදී ශිෂ්‍යයකු විසින් ප්‍රශ්නයක් අසන ලදී . ජර්මන් ජාතිකයන් විරුද්ධ නොවුයේ කුමක් නිසාද යන්නයි.

Out Of Stock

ඉවාන්

Highlights:

මේ පොතේ විරයා එනම් ඉවාන් යන රුසුයානු නමින් හදුන්වනු ලබන පුංචි රුසුයන් දරුවා පිලිබදව මේ පොතෙහි ඔබ කියවන සියලුම දේ සපුරාම සත්‍යය’තවද කියමි’මේ කතාව වනාහි උතුම් එමෙන්ම කෘෘර සත්‍යයක් පිලිබද අසම්පුරන කතාවක යුද්ධය තුල ළමයි වෙනුවෙන් හදුන්වනු ලබන විස්මයජනක වීර කතාවක එක් පිටුවකි’

අපි මහලු වයසේ

Highlights:

විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/067757e0dc5f11ea854297e62c83d47e” ]

Out Of Stock

රාමා සහ දිනූ

Highlights:

දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි. ‍‍

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d53403f0a6c911e9b156ef1499508e50″ ]

නන්ද හා සරණ

Highlights:

නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f43fd310addc11e9aed4d11508416e27″ ]

Out Of Stock

මම තස්ලිමා

Highlights:

මම තස්ලිමා

Out Of Stock

තිත්ත කොපි

Highlights:

වසර ගණනාවක් එකිනෙකා නුදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසි ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවෙතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම ඥාති සොහොයුරාගේ හිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබදව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොමි පොළඔවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමු වී විවාපත් වන ටොමි ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි.

Out Of Stock

දෙවියන්ගේ අඩවිය

Highlights:

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.

ආදරය බලා ඉදී

Highlights:

Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය. වෛද්‍යවරයකු ලෙස හමුදා රෝහලක සේවයට එක් වු ලින් දෙමාපියන් ගේ යොජනාවකින් ශුයු සමග විවාහ වුවත් මන්නා නම් හෙදිය සමග ඇතිකර ගන්නා ලද ප්‍රේම සම්බන්ධයක් මත තම බිරිද දික්කසාද කිරිමට පෙලෙබෙන අයුරුත් ,වසර 18 ක් පුරාවට ලීන්ව බලපොරොත්තුවෙන් සීටින මන්නා අවසානයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුවත් විවාහ ජීවිතයේ සිදුවන අනේක හැලහැප්පීම් හා ශුයු තම සැමියා ගේ ආදරය නැවත ලැබෙයි යන අපෙක්ශාවෙන් බලාසිටි.

අත්තටු මැවිලා

Highlights:

ක්‍රිස්ටීන් විල්සන් ලියූ I AM THE WINGS නම් නව කතාවේ තම පියා සොයා එන ඈන් නම් තරුණියක් තම සහෝදරයා සොයා එන ක්‍රේග් නම් තරුණයාත් අතර ඇතිවන මත ගැටුම කෙලවර වන්නේ ඔවුන් මිථ්‍යාව තුලින් මතුවන සත්‍යය සොයා ගැනීමෙනි.

Out Of Stock

රතු සෙබලිය

Highlights:

චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වු තරුණ නිලධාරීනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැදෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ්‍රහ්ම දණ්ඩනයට ද යටත් වෙයි. මේ සියළු බාධා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමග එකතු වන්නට ඇය සමත් වෙයි.

ආදරණීය වියරුව

Highlights:

Kamala Purnaiya Markandaya 1924 වසරේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ චිමාකුර්ටි නගරයේ උපත ලද කාන්තාවකි. මදුරාසි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඈ පසුව ටික කලක් පුවත්පත් කලාවේදිනියක වශයෙන් සේවය කළාය. පසුව බ්‍රිතාන්‍ය ජාතිකයකු හා විවාහ වී ලන්ඩන් නුවර පදිංචියට යන ඈ පුවත්පත් කලාව තම වෘත්තිය කරගත් අතර අතිශයින් ජනප්‍රිය නවකතා රාශියක කතුවරිය වුවාය. ඈ විසින් ලියා ප්‍රකාශයට පත් කළ ප්‍රථම නවකතාව වු Nectar in a Sieve සහ වෙනත් නවකතා ඉන්දියාවේ මෙන්ම විදේශ රටවල ද විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා ලදී.

Out Of Stock

හිරි ඔතප්

Highlights:

ඔලිවර් රසල් සමග ගැටෙන ප්‍රධාන ගැහැනු චරිත දෙක වන්නේ පුවත් පත් හිමිකාරියක් සහ මාධ්‍යවේදිනියකි. පුවත්පත් හිමිකාරිය ජනාධිපති ඇසුර ලබද්දී මාධ්‍ය වේදිනිය පෑනෙන් සහ රූපවාහිනී නාලිකා තුළින් ජනතාව වෙනුවෙන් සටන් වදී. අවසානයේ පුවත්පත් හිමිකාරිය අබිබවා ඉදිරියට යන ඩැනා එවන්ස් නම් මාධ්‍ය වේදිනිය මුළු මහත් සංස්කෘතියටම ජයග්‍රහණයකී.

මාතුබී මමයි

Highlights:

ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කල NOT WITHOUT MY DAUGHTER කෘතිය පළවුණේ මින් දශක දෙකකට පමණ පෙරය. ඉන් කියවුණේ ඇමරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෘෘර සැමියාගේ ග්‍රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විස්මයජනක කතා ප්‍රවෘත්තියයි.දැන් ඔබ කියවන්නට යන්නේ එදා හය හැවිරිදි ව සිටි ඒ සිගිති දැරිය මාතුබි දැන් තරුණ වියට පත්ව තම අතින්ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිලිබඳ කතාවයි.

Out Of Stock

උත්තම ගැහැනු

Highlights:

උත්තම ගැහැනු මගේ සිත තුළ කාලයක් තිස්සේ පැවති සංකල්පයකි. ඒ සංකල්පය ඇති කිරීමට මා ඇසුරු කළ චරිත කිහිපයක් උදව් විය. උත්තම සංකල්පය ගැන එකිනෙකා සිතන අන්දම වෙනස්ය. ධාර්මිකව ජීවත්වන පුද්ගලයා සමහරෙකුට උතුම්ය. එහෙත් උත්තම සංකල්පය මා තුළ මැවුණේ තම ජීවිතය සාර්ථකව ගොඩ නගා ගන්න ගැහැනුන් ගැනය. එය සාධාරණ දැයි මම නොදනිමි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar