A.P. Gunaratne

A.P. Gunaratne

Showing all 4 results

Show:
Out Of Stock

වානරයා

Highlights:

මෙම වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක  භික්ෂුව සැබැවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන ශත වර්ෂයේ විසූ මේ භික්ෂුවගේ ඉතිහාසයේ සඳහන් නියම නම හ්සු ආං ට්සාං ය. ඔහුගේ වන්දනා ගමන ගැන එකල ම ලියූ සම්පූර්ණ වාර්ථාවක් තිබේ. දහවන ශතවර්ශය පමණ වන විට මේ භික්ෂුවගේ වන්දනා ගමන නොයෙකුත් අද්භූත කතාන්දරයන්ට හේතුව කොට ගෙන තිබිණි. දහතුන් වන ශතවර්ශයේ පටන් මේ අද්භූත කතා චීන නාට්‍ය වේදිකාවේ ඉදිරිපත් වන්නට විය. එහෙයින් වූ වෙං එන්ට මේ අද්භූත කතාව ගෙතීමේ දී බොහෝ කරුණු නිර්මාණය කිරීමට සිදුවිය. වානරයා අලංකාර, විකාර, හාස්‍ය, ප්‍රලාප කතා පිළිබඳ අති විශිෂ්ට සංකලනයකි. මෙහි ගැමි කතා, දෘෂ්ටාන්ත කතා, ආගමික කතා, ඉතිහාස කතා හා පාලක නිලධාරීන්ට දරුණු උපහාසයන් එල්ලකොට ගෙතූ කතාවන් ද ඇතුළත් කොට තිබේ. මෙහි එන ත්‍රිපිටක භික්ෂුව ජීවිතයේ දුෂ්කර අවස්ථා වල අවුල් තැවුල් සිතින්, මෝඩකමින් වැරදි කරන සාමාන්‍ය මිනිහා මෙන් පෙනී සිටින අතර වානරයා, සාමාර්ථ්‍යයේ චංචල අස්ථීර මූර්තිය මෙන් පෙනී සිටී. මෙය ලංකා ගුවන් විදුලියේ “වානරයා” ලෙසින් සහ රූපවාහිනියේ The Monkey ලෙසින් ඔබ රස විඳි නාට්‍යයට පාදක වූ ජනප්‍රිය පැරණි නවකතාවයි.

Out Of Stock

මැකීගිය දඩමං

Highlights:

මැකීගිය දඩමං

Out Of Stock

සුදු ගෝනා

Highlights:

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදී පිරිස අමතා, “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ ” යි කී ය . මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කිවා නේ ” යි පැවසී ය. “නෑ මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගේ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ ” “මොන යාළුවන්ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියලයි. ” “ඔව් මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයකුගෙන් මගේ දිවි ගලවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”

වන සරණ

Highlights:

“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar