පාලිභාෂාවතරණය – තෙවැනි පොත
අකුරු වනාහි සිත මුල්කොට හටගන්නා ශබ්දයන් දැක්වීමට යොදන ලකුණු විශේෂයෙකි. අපේ අදහස් ප්‍රකාශ කළ හැක්කේ අකුරුවලින් යුත් වචනවලිනි.පළමුකොට සිතින් නොසිතා අදහස් පහළ කිරීම හැකි නොවේ. එබැවින් අවිශේෂයෙන් සියළු අකුරු චිතතජ (සිතින් උපදනාහු)වෙති.නමුත් සිතින් උපන් වායුව මුඛය කරා පැමිණ බොටුව තල්ල ආදී ඒ ඒ තැන්වල හැපී විශේෂ ශබ්දයන් උපදවන බැවින් ඒ ඒ ස්ථානයන්ගේ වශයෙන් අක්ෂර බෙදනු ලැබේ.
පොල්වත්තේ බුද්ධදත්ත හිමිපානන් විසින් පාලිභාෂාවතරණය තෙවැනි පොත මගින් අක්ෂරයන්ගේ උත්පත්තිසථානාදිය ඇතුලු බොහෝ කරුණු සරලව ඉතා පැහැදිලිව සරලව විස්තර කර ඇත.
මගේ බණ පොත
1921 දී පළ වු “මැවීම “නමැති ලිපියෙන් මැවීමක් විශ්වාස නොකළ හැකි බව දැක්වේ.ඒ වර්ෂයේ ම පළ වු ” ක්‍ෂුද්‍ර සත්වයෝ” නමැති ලිපියෙන් ඇසට නොපෙනෙන කෝටි ගණන් කුඩා සතුන් පිළිබඳ තොරතුරු දත හැක. ඒ වර්ෂයේදිම පළ වු “නිර්වාණය” නැමැති ලිපියෙන් නිවන පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගත හැක. 1920 දි පළවු සමාධිය නමැති ලිපියෙන් මිනිසුන් දිනපතා කරන වැඩවල දී පවා සිතේ එකඟකමක් ඇති කර ගැනීම වැදගත්
බව පෙන්වා තිබේ.1916 දී පළ වු විසුඳිධීපනියෙන් ආණාපාණය වඩන සැටි දැන ගත හැක. අන්‍ය භාවනා සඳහා ද මුල දී පිළිපැදිය යුතු ආකාරය එහි දැක්වේ.එයට අනතුරුව තිබෙන සපත විශුධි විභාගය වනාහි කිසි විටක පළනො වු නමුත් 1920 පමණේදී ලියන ලද්දකි.1912හේ දී පළ වු ආත්මදෘෂ්ටි ජෙදනෙය වනාහි දැන් ලෝකප්‍රකට ආචාය්‍යර් වරයෙක් ව සිටින කෘෂණමුර්ති මහතා තුදුස් හැවිරිදි කල්හි සෝවාන් මගට පැමිණියේ යයි කියමින් ඒ මහතා ලියු පොතකට උත්තර වශයෙන් ලියු පොතකි.
පොල්වත්තේ බුද්ධදත්ත හිමි.
පාලිභාෂාවතරණය – දෙවැනි පොත
1955 දී මුද්‍රණය කරන ලද පාලිභාෂාවතරණය දෙවැනි පොතේ පළ වී ඇති විඥාපනය පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ අයුරින් ම මෙහි ද පළ කරන ලදි.
පාලි සාහිත්‍ය
වර්තමාන යුගයේ භික්ෂු පරපුර සකස් විය යුතු අන්දම
පෙන්වන ඇදුරු කඩක් වන්නේ අග්ගමහා පණ්ඩිත
පොල්වත්තේ බුද්ධදත්ත මාහිමිගේ උදාර චරිතයයි.
භික්ෂු විනය ශාසනයේ පැවැත්මට අනිවාර්ය වුවකි.
ඊට අධ්‍යාපන ක්ෂමතාව ද එකතු විය යුතුය.
සාම්ප්‍රදායික පාරිවේණක අධ්‍යාපනය සහ නවීන
අධ්‍යාපනයද නිසා ලබාගත හැකි මහඟු ඵලය පුජ්‍ය
පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් මනාව පෙන්වා දී
තිබේ.පැරැන්නන් කී නිසාම ඇතැම් මත වාද හිසේ
උන්වහන්සේ පැහැදිලි කළහ.ශ්‍රි ලංකාවේ මෑත
කාලයෙහි පහළවුණු අග්‍රගණ්‍ය පඬිවරුන්ගේ
ලේඛනයක් පිළියෙල කරතොත් එහි පොල්වත්තේ
බුද්ධදත්ත යන නම මුලටම වැටෙනු නිසැකය. මේ
ප්‍රාතිහාර්යය කිරිමට උන්වහන්සේට පුළුවන් වුයේ
හුදු පාරිවේණික අධ්‍යාපනය නිසාම නොවේ.
උන්වහන්සේ ලත් භාෂාන්තර දැනුම හා සමයන්තර
අවබෝධය ඊට මහත් පිටිවහලක් විය.
Recent Comments