නීතිඥ නිලන්ත හෙට්ටිගේ

නීතිඥ නිලන්ත හෙට්ටිගේ

Showing all 7 results

Show:
Out Of Stock

පරිපාලන නීතිය

Highlights:

මෙරට පරිපාලන නීතියට පදනම සපයන්නේ ඉංග්‍රීසි
පරිපාලන නීතියෙනි. ඉංග්‍රීසි පරිපාලන නීතිය හා සම්බන්ධ
වඩාත්ම වැදගත් කෘතිය වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් විසින් රචනා කළ “Administrative law”
නම් ග්‍රන්ථයයි.

මෙම කෘතිය රචනා කිරිමේදි වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති කරුණු
සහායට ගෙන ඇත. ඒසේම පරිපාලන නීතිය ශ්‍රී ලංකාවට
අදාළ කර ගැනීමේදී වැදගත් වන නඩු තීන්දු කිහිපයක්ම
මේ කෘතියට ඇතුළත් කර ඇත. පරිපාලන නීතිය නම් විෂය
පිළිබඳ විධිමත් අධ්‍යනයක යෙදෙන කාහට වුවද මේ කෘතිය
මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙස භාවිතා කළ හැක.

Out Of Stock

විවාහය සහ නීතිය

Highlights:

විවාහය සහ නීතිය : විවහාය, නඩත්තු, දික්කසාදය, දරුකමට හදාගැනීම, දේපළ උරුමවීම යන විෂය ක්ෂේත්‍රයන්ට අදාල නවතම නීතිමය තත්ත්වයන් පැහැදිලිව විස්තර සරලව හා අංග සම්පුර්ණව මේ කෘතිය සකස් කර ඇත. පවුල් නීතිය සම්බන්ධ මෑත කාලීනව සිංහලෙන් ලියැවුණු කෘතියක් නොමැතිකමේ අඩුපාඩුව විවාහය සහ නීතිය’ නම් මේ නිබන්ධනයෙන් පිරිමසාලනු ඇති බව උදක්ම විශ්වාස කරමු.

අභියාචනා නීති අත්පොත

Highlights:

සිවිල් හා අපරාධ ක්ෂේත්‍රයට ඇතුළත් වන නඩු වර්ග විශාල සංඛ්‍යාවකට අදාළ අභියාචනා සහ ප්‍රතිශෝධන ඉල්ලීමේ කාර්ය පටිපාටින්ද එබඳු ඉල්ලීම් විනාශ කර තීරණය කරන ආකාරයද මෙම කෘතියෙහි හැකිතාක් සරළ ලෙස හා විස්තරාත්මකව ඉදිරිපත්ව කර ඇත. මේ අනුව අභියාචනා හා ප්‍රතිශෝධන ඉල්ලීම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වෙන මෙම කෘතිය නීතිඥවරුන්ට, නීති ශිෂ්‍යයන්ට හා සාමාන්‍ය පොදු ජනතාවට ද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.

දිලක්ත නීතිය සහ ලතින් භාෂාවේ නෛතික යෙදුම්

Highlights:

දිලක්ත නීතිය යනු රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව වර්ධනය වූ නීති ක්‍රමයකි.

අධිකරණ බලය සහ ව්‍යවස්ථා අර්ථ නිරූපණය

Highlights:

නීති අධ්‍ය‍යන පාඨමාලා, අධිකරණ කටයුතු නීතිඤ වෘත්තියට අවශ්‍ය විස්තර ඇතුළත් කෘතිය අධිකරණ සංවිධාන පනත ඇතුළු නඩු කටයුතු ආශ්‍රිත නීති රීති පිළිබඳ විග්‍රහයක්

ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය

Highlights:

 

 ශ්‍රී ලංකාවේ නීතිය තුළ වැඩිම අන්තර්ගතයක් ඇත්තේ ඉඩම් නීති ක්ෂෙත්‍රය තුළ බව නොරහසකි. ඉඩම් නීතියේ වැදගත් සංකල්ප සියල්ලද නඩු තීන්දු සහ ව්‍යවස්ථපිත මූලාශ්‍රද මෙම කෘතියට ඇතුළත් කොට ඇත.   ඉඩම් ඔප්පු ලිවීම, හිමිකම් ලියාපදිංචිය සහ නොතාරිස් ධූරය සම්බන්ධ වැදගත් කරුණු ද සවිස්තරව මෙහි දැක්වේ.   ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය නම් වූ මෙම කෘතිය නීති ශිෂ්‍යයන්‍ට, නීතිඥවරුන්ට හා සාමාන්‍ය පොදු ජනතාවටද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.

Out Of Stock

නීතිය සහ පොලීසිය

Highlights:

පොලිස් නිළධාරීන් තමන්ට බලපාන නීති රීති දැනගත යුතුවාක් මෙන්ම මහජනතාව ද පොලිස් බලතලවල සීමාවන් ගැන මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය.     පොලිස් නිළධාරීන්ට හා සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් වන් නීති රීති සමබරව තෝරා බේරා සාරාංශ කිරීම තුළින් මේ කෘතිය සකස් කර ඇත.    මෙම කෘතියෙහි කොටස් 06 කි. මුල් කොටසින් පොලිස් සේවයේ ඉතිහාසයත්, දෙවෙනි කොටසින් පොලිස් ආඥා පනතට අදාල පොලිසියේ බලතල, යුතුකම්, අයිතිවාසිකම් පිළිබදවත් විස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. පොලිසියේ ක්‍රියාකාරිත්වය පිළිබදව සීමා කඩඉම් තීරණය කරනුයේ පොලිස් ආඥා පනතෙනි.   අපරාධ විමර්ෂණ කාර්‍යය තුලදී පොලිසියේ වගකීම තුන්වන කොටසින් විස්තර කෙරෙයි. හතරවැනි කොටසින් විවිධ පනත්වලට අදාළව පොලීසියට ලබාදී ඇති අතිරේක බලතල විස්තර කෙරෙයි.  මෙම කෘතියෙහි පස්වැනි කොටසින් පොලිසිය විසින් මහෙස්ත්‍ර්‍රාත් අධිකරණයෙහි නඩු පවරනු ලබන ආකාරය විස්තර කෙරෙයි. පොලිස් නිළධාරින්ගෙන් සිදුවන අසාධාරණකම් හා ඒවාට යොදන ප්‍රතිකර්ම මෙහි හයවන කොටසින් විස්තර කර දෙයි.   මෙම කෘතිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීම තුළින් පොලීසියේ යුතුකම්, අයිතිවාසිකම්, බලතල හා බැදීම් පිළිබදව පැහැදිලි වැටහීමක් ඇතිවනු ඇත.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar