Biography

Biography

(Showing 91 – 120 products of 139 products)

Show:

ආදරණීය මාක්ස්

Highlights:

නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/27d90300dc5a11ea86b29f1909b6d02a” ]

Out Of Stock

පණ්ඩුකාභය රජතුමා

Highlights:

පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fcd799a0d90d11e99dbbb5030e23e1d8″ ]

සීමා නැති ජීවිතේ

Highlights:

1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.

නැවතුම් නැති ජීවිතේ

Highlights:

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.

 

රු875.00 13% OFF
Out Of Stock

කුමරතුඟු ඇසුර

Highlights:

කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ බොහෝ පොත් පත් ලියැවී ඇතත්, ඔහුගේ චරිතය අලළා සවිස්තරාත්මක ව ලියැවුණු කෘති එතරම් දක්නට නො ලැබේ. මේ කෘතිය එවැන්නකි. මෙය කලකට පෙර අප සමාගම මගින් ම ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක් වන අතර කුමාරතුංග මුනිදාසයන්ගේ 75 වැනි ගුණ සමරු උළෙල සඳහා නැවත මුද්‍රණය කරන ලදී. මෙහි කර්තෘ අරීසෙන් අහුබුදු සූරීන්, කුමාරතුංග මුනිදාසයන් ඇසුරේ ගත කළ කාලයේ දී ඔහු පිළිබඳ දැන ගත් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය. කුමාරතුංග මුනිදාසයන්ගේ චරිතය සහ ඔහුගේ විද්වත්භාවය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මෙය ඉතා වැදගත් කෘතියක් වනු නොඅනුමානය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1bdd61c0b8c811e995e3fd773592f801″ ]

පැරණි සිංහල කතුවරු

Highlights:

පුරාතන සාහිත්‍යයට අයත් කිසිදා පැරණි නොවන කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් දසදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63293d80bf5211eaadb7f1727ddf65ec” ]

නූතන සිංහල කතුවරු

Highlights:

නූතන සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් විසිදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f463480bf4411ea93b093e39cafbd38″ ]

රු281.25 25% OFF

විදෙස් කතුවරු

Highlights:

ලෝක සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ විදෙස් කතුවරුන් දහඅටදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2e1ab20b42611e9b7c90b13075ca355″ ]

රු187.50 25% OFF

ජාතික වීරයෝ

Highlights:

අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1c351040ae9b11e9a8c8356be8940da4″ ]

Out Of Stock

දුටුගැමුණු රජතුමා

Highlights:

දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි

Out Of Stock

උදාර ජීවිත

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ රජවරු

Highlights:

අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.

Out Of Stock

සෝමා දේවි

Highlights:

සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත් අභීත බවත් නිසාය. සොළීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත ළමුන්ගේ දැනුම දියුණු කරනු පිණිස මෙලෙස ඉදිරිපත් කෙරේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e9fcace0cd6b11e9b666fb8e8f9a7c10″ ]

Out Of Stock

වීදිය බණ්ඩාර

Highlights:

වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්‍රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f385ace0a12b11e9b8166713ca210a88″ ]

Out Of Stock

ලොව ප්‍රකට විද්‍යාඥයින්

Highlights:

ලෝ ප්‍රකට විද්‍යාඥයන් පස් දෙනෙකු පිළිබඳ බොහෝ තොරතුරු මේ කෘතියෙන් ගෙන එයි. කැපවීමත් දුක් දොම්නස් මතින් අභීතව ජීවිතයට මුහුණදීම නිසා ලෝකයේ ගමන් මඟ හෙළි-පෙහෙළි කරන්නට උරදුන් මේ ශ්‍රේෂ්ඨ චරිත කතා රස විඳීමෙන් දරුවන් තුළ නිර්මාණ සිතිවිලි අවදි වීමත් වීර්යය හා අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වීම නිසැකයෙන් ම සිදු වෙයි.

මහත්මා ගාන්ධි

Highlights:

මහත්මා ගාන්ධි නම් අසහාය මිනිසා සමස්ත මානව සංහතියට ම සූර්ය මඬළක් බඳු ජන නායකයෙකි. අවිහිංසාවාදය තුළින් ඉන්දියානු නිදහස් අරගලයට ප්‍රාණය දුන් ගාන්ධි, අධිරාජ්‍යවාදීන් හමුවේ නොසැලුණු නොනැමුණු අභීත ජාතික වීරයෙකි. ගාන්ධිගේ උදාර ජීවිත කතාව අනාවරණය කෙරෙන මෙම කෘතිය වීරෝදාර ජනනායකයකුගේ අතිවිශිෂ්ට චරිතය හැදෑරීමේ අනගි අවස්ථාව ඔබට උදා කර දෙයි

මද්දුම බණ්ඩාර

Highlights:

වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.

Out Of Stock

ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල

Highlights:

ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.

Out Of Stock

අභීත සිංහල වීරයෝ

Highlights:

දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/32e534f0b41611e9bbdbd7f1bc760c82″ ]

Out Of Stock

ගැමුණු රජ සහ දස මහා යෝධයෝ

Highlights:

‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.

Out Of Stock

සූර සරදියෙල්

Highlights:

වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්‍රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]

Out Of Stock

මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය

Highlights:

“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.

Out Of Stock

ගිනි මැද සක්මන

Highlights:

ගිනි මැද සක්මන

Out Of Stock

අර්නස්ටෝ චේ ගුවේරා

Highlights:

අපි තබන සෑම පියවරක්ම අධ්රාජ්‍ය වාදයට එරෙහිව නැගෙන අරගලයේ ඉදිරියෙන් වයෙන රණ බෙර හඬයි.මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම සතුරාට විරුද්ධව ඒකමතිකව ගොඩ නැගෙන එකඟතාවට ගෞරව කිරීම සදහා ගැයෙන යුධ බිමේ ගීතයයි.

කාල් මාක්ස් ජීවන චරිතය

Highlights:

ජනයා ආර්ථික සංවර්ධනයේ හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම අනුව බවත් රාජ්‍ය සංස්ථා, නීතිය පිලිබඳ සංස්ථා, කලාව සහ ආගම පිලිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම අනුව බවත්, එබැවින් එය වසන් නොකොට සම්පුර්ණයෙන් හෙළි කලයුතු බවත් මාක්ස් කිවේය.

Out Of Stock

මහමොළකාරයෝ

Highlights:

ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචඩ් බ්‍රන්සන්, වෝල්ට් ඩිස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන්, වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුනු මහමොලකාරයෝ කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රයෝගිකව ජීවිතය එන්නත් කරගත හැකි කළමනාකරණ සහ පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් හෙළි කරයි.

Out Of Stock

ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්

Highlights:

අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.

Out Of Stock

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය

Highlights:

ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප‍්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප‍්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.

Out Of Stock

වන වැදුණු දොස්තර

Highlights:

Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness  ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”

නොහඳුනන ලින්කන්

Highlights:

මුල් ගුරුතුමනි. ඔහුට මෘදු ලෙස සලකන්න.නමුත් ඔහු හුරතල් කරනන්ට එපා වනේ හොදින් තැනිය හැක්කේගින්නෙන් රත් වුවිට බව ඔහුට පැහැදිලි කරන්න.ඒ නිසා ජීවීත ගමනේදී තමාට හැඩි දැඩි රශ්මියක් දැනුණොත් එයින් තේරුම් ගන්නට සලස්වන්න.ඔහු කට වත් යටත් කරන්න බැරි මිනිසකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම ප්‍රයෝජනවත් වන බව.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping